තරග කොන්දේසි:
- මේ සඳහා මෙම වෙබ් අඩවියේ සාමාජිකයින් හට පමණක් සහභාගි විය හැකිය.
-
ඔබ තවමත් සාමාජිකත්වය ලබා නොමැති නම් මෙහි Click කරන්න.
- ජංගම දුරකථනය මගින් ( Answer By Mobile Phone) පිළිතුරු සැපයීමේ ක්‍රමයට පිළිතුරු සැපයිය යුතුය.
- සෑම මාසයක් පාසාම පවත්වනු ලැබේ. සෑම මසකම 5 වන දින නව තරග වාරය පවත්වනු ලැබේ.
- 5 වන දින ප්‍රකාශිත තරගය සඳහා පිළිතුරු සෑම මසකම 20 වන දින රාත්‍රී 12.00 ට පෙර එවිය යුතුය. ඉන් පසුව ලැබෙන පිළිතුරු තරගය සඳහා භාර ගන්නේ නැත.
- එක් වරකට පුශ්ණ 10 ක් ඉදිරිපත් කරන අතර ඔබගේ පිළිතුරු 10 ම නිවැරදි විය යුතුය.
- ප්‍රශ්ණ බහුවරණ ආකාරයේ වන අතර පිළිතුරු 4 ක් දක්වා ඇත. නිවැරදි වරණයට අදාළ අක්ෂරය පිළිතුර සඳහා ඇතුලත් කළ යුතුය. එමෙන්ම ප්‍රශ්ණ අංක අනු පිළිවෙලට පිළිතුරු සැපයිය යුතුය.
- පහත සඳහන් ආකාරයට දුරකථන මගින් පිළිතුරු එවිය යුතු අතර, ඒ සඳහා ( තාක්ෂණික හේතුවක් මත තාවකාලික පියවරක් වශයෙන් ඔබගේ භාරකරුවන්ගේ 072- Etisalat හැර ) වෙනත් ඕනෑම ජංගම දුරකථනයක් භාවිතා කරන්න. එසේ නොවුවහොත් ඔබ ජයග්‍රාහකයෙක් වූ විටක ත්‍යාග ලබා දීමට ඔබව සම්බන්ධ කර ගත නොහැකි වනු ඇත.
- එක් එක් තරග වාරයක් වෙනුවෙන් එක් අයෙකුට උපරිම 3 වරක් උත්සාහ කල හැකිය.
ඒ සඳහා
එටිසලාට් හැර වෙනත් ඕනෑම ජංගම දුරකථනයක් මගින් පමණක්,
202 හිස්තැනක් ප්‍රශ්ණ අංක පිළිවෙලට පිළිතුරු වලට අදාල අක්ෂර / සාමාජික අංකය / දුරකථන අංකය සඳහන් කොට 77000 ට SMS කරන්න. (පහත උදාහරණය පිළිබඳ අවධානය යොමු කරන්න.)
මෙය පිළිතුර නිවැරදිව සකස් කරන ආකාරය පිළිබඳ උදාහරණයක් පමණි:
AYA හිස්තැනක් නිවැරදි පිළිතුරු – සාමාජික අංකය -දුරකථන අංකය ලෙස සකස් කර
Dialog / Hutch / Airtel / දුරකථන මඟින් නම් 77010 ට හෝ
Mobitel දුරකථන මඟින් නම් 77011 ට SMS කරන්න.
උදා:
AYA හිස්තැනක් ABCDEFGHIJ – XY101010 – 07XXXXXXXX ලෙස සකස් කර
Dialog / Hutch / Airtel / දුරකථන මඟින් නම් 77010 ට හෝ
Mobitel දුරකථන මඟින් නම් 77011 ට SMS කරන්න.
- නිවැරදි පිළිතුරු අතරින් තෝරා ගන්නා ජයග්‍රාහකයෙකුට වටිනා අධ්‍යාපනික ප්‍රකාශන තැපැල් මගින් පාසල හරහා දරුවා වෙත ලබා දෙනු ලැබේ. නිවැරදි පිළිතුරු හා තිළිණ ලාභීන් ඉදිරි තරග වාරයේදී ප්‍රකාශයට පත් කරනු ලැබේ.
- මේ තරගය පිළිබඳව කිසිදු ලිපි ගනුදෙනුවක් සිදු නොකරන අතර ඉදිරියේදී තරග කොන්දේසි වෙනස් වීමක් සිදු කිරීමේ බලය හා ප්‍රතිපල පිළිබඳ අවසාන තීරණය සංස්කාරක සතු වන අතර තරග කරුවන් තරගයට ඉදිරිපත් වන්නේ එම කොන්දේසි වලට ඇති එකඟතාවය මත බවට පිළිගනු ලැබේ.
විශේෂ නිවේදනයයි.
සුපුරුදු පරිදි මාස් පතා නැණ මඬල තරගය පවත්වනු ලබන අතර, වර්තමානයේ රටේ ඇති හදිසි වාතාවරණය අනුව ඔබට හිමි ත්‍යාග තැපැල් සේවාව ආරම්භ වූ පසු ලබා දීමට යථා කාලයේ දී කටයුතු කරන බවත්, එබැවින් මෙම නිවාඩු කාලයේ ඔබේ දැනුම පිණිස මෙම තරගය සමග නිරතුරුව සම්බන්ධ වන ලෙස දන්වා සිටිමු.
නැණ මඬළ තරගය පිටුවට පිවිසෙන්න ⇒