පන්හිඳ ඉ සඟරාවට යොමු කරන ඔබේ නිර්මාණ සඳහා කොන්දේසි


පන්හිඳ ඉ සඟරාවට යොමු කරන ඔබේ නිර්මාණ සඳහා කොන්දේසි / Terms For Your Creations of Panhinda e Magazine


ඔබේ නිර්මාණ එළිදැක්වීම සඳහා අප වෙබ් අඩවිය මඟින් මහඟු අවස්ථාවක් ලබා දී ඇත. ඔබේ නිර්මාණ වඩාත් වර්ධනය කරගැනීම සඳහා ශක්තියක් වීමට, මෙම සඟරාව මඟින් නොමිලේ ඉදිරිපත් කිරීම සඳහා ඔබේ නිර්මාණ අප වෙත එවිය හැකිය. දරුවන්ගේ නිර්මාණ  මෙන්ම ගුරුභවතුන්ගේ  / වැඩිහිටියන්ගේ නිර්මාණ ද   නිල මුද්‍රාව හා ආයතන ප්‍රධානී අත්සන සහිතව එවිය යුතුය.

කොන්දේසි:

  1. අප වෙබ් අඩවියේ ලියාපදිංචි සාමාජිකයින් ට සහභාගී වීම සඳහා මෙය විවෘතව පවති.
  2.  මාස දෙකකට (ද්වීමාසික) වරක් වන සේ කලාප වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ.
  3. සියළුම නිර්මාණ ලියාපදිංචි අංකය සහිතව  පහත සඳහන් කර ඇති පෝරමය සමඟ එවිය යුතු වේ. (පෝරමය බාගත කරගෙන මුද්‍රණය කිරීමෙන් හෝ එම ආකෘතියට අනුකූලව තමන් විසින් සකස් කරගෙන හෝ එවිය හැකිය.)
  4. තවමත් සාමාජිකත්වය ලබා නොමැති නම් මෙහි Click කර සාමාජිකත්වය සඳහා අයදුම් කරන්න. ඕනෑම අයෙකුට ලියාපදිංචි විය හැකි අතර පාසල් දරුවන් සඳහා විශේෂත්වයක් දක්වනු ලැබේ. ලියාපදිංචිවීමේ ක්‍රමවේදය සියළු දෙනාටම පොදු වේ.
  5. ලැබෙන නිර්මාණ අතුරින් විශේෂත්වයක් නිරූපනය කරන ඒවා සෑම මාසයකම තෝරා ගනු ලැබේ. එක් අංශයකින්  තෝරා ගන්නා හොඳම නිර්මාණ  25 ක උපරිමයකට යටත්ව පළ කරනු ලැබේ.
  6. සෑම පෙබරවාරි, අප්‍රේල්, ජූනි, අගෝස්තු, ඔක්තෝබර්, දෙසැම්බර් යන මාසයකම 20 වන දිනට ප්‍රථම ඉදිරි මාසය සඳහා නිර්මාණ එවිය යුතු වේ. ( උදා: පෙබරවාරි 20 වන දින තෙක් එවන නිර්මාණ මාර්තු 1 දින සිට අප්‍රේල් 30 දක්වා කලාපයේ පළ කරනු ලැබේ.)
  7. ඒවා  ඉදිරි  කලාපවල නව නිර්මාණ තෝරා පල කරන තෙක් වෙබ් අඩවියේ පළ කර තබනු ලැබේ.
  8. නිර්මාණ පළ කිරීම හෝ නොකිරීම සම්බන්ධව අවසාන තීරණය වෙබ් අඩවියේ සංස්කාරක සතු වේ.
  9. සියල්ල ස්වාධීන නිර්මාණ විය යුතු අතර, වෙනත් කිසිම මූලාශ්‍රයකින් උපුටා ගත් ඒවා නොවිය යුතුය. යම් හෙයකින් එසේ ඉදිරිපත් කර නීතිමය ගැටළුවක් ඇති වුවහොත් නිර්මාණ කරු සම්පූර්ණ වගකීම දැරිය යුතුය.  එසේ වුවද ඔබේ නිර්මාණය සඳහා ඇතුලත් කිරීමට අත්‍යාවශ්‍ය වන කෙටි නිදසුන් වන්නේ නම් එහි කර්තෘ/කෘතිය/පිටු අංකය/කෘතියේ ISBN අංකය ආදිය පාද සටහන් ලෙස දක්වා තිබීම අනිවාර්ය වේ.
  10. එමෙන්ම කිසිම පුද්ගලයෙකු හෝ ආයතනයක් හෝ නිර්මාණයක් හෝ  අපහසුතාවයට / අපකීර්තියට පත්වන ආකාරයේ   කරුණු ඇතුලත් නොවිය යුතුය.
  11. නිර්මාණ,  චිත්‍ර / කවි, නිසැඳැස් / රචනා, ලිපි / කාටූන් යන අංශයන්ගෙන් පමණක් ඉදිරිපත් කල යුතුය. ඒවා කිසිදු ආකාරයකින් ඔබ වෙත ආපසු බාර නොදෙන බව සලකන්න.
  12. චිත්‍ර නිර්මාණ A4 ප්‍රමාණයේ හරස් අතට (Landscape) සකස් කල යුතු අතර කැමති මාධ්‍යයක් භාවිතා කිරීමට අවසරය ඇත.
  13. සුදුසු මාතෘකාවක් තෝරා ගැනීමට නිදහස ඔබට ඇති නමුත් ඒවා තව කෙනෙකු ගේ දැනුමට  ප්‍රයෝජනවත් වන අධ්‍යාපනික වටිනාකමකින් යුක්ත විය යුතුය.
  14. කවි සඳහා පැදි පෙළ 12 ට නොවැඩි විය යුතුය.
  15. රචනා වචන 150 – 200 අතර විය යුතුය. (  රචනා පරිගනක යතුරු ලියනය කරන ලද A4 ප්‍රමාණයේ පිටු 2 කට වඩා නොවැඩි විය යුතුය. )
  16. කවි හා රචනා අංශ දෙක සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉදිරිපත් කල හැකි අතර, අක්‍ෂර වින්‍යාසය, ව්‍යාකරණ ආදිය නිවැරදිව එවිය යුතුය. එ් පිළිඳව සැලකිළිමත් විය යුතු වන්නේ ඔබගේ නිර්මාණ අන්තර්ගතයන් කිසිදු අයුරකින් අප විසින් වෙනස් කිරීමකට ලක් නොකරන නිසාය.
  17. චිත්‍ර නිර්මාණ අපගේ ඉ තැපෑල මඟින් එවන විට Scan කොට jpeg File  ආකාරයෙන් හා කවි හෝ රචනා අංශයේ නිර්මාණ Doc / (Ms Word) File ආකාරයෙන් එවිය යුතුය. ඒ සඳහා සිංහල මාධ්‍ය සඳහා  FM කාණ්ඩයේ සිංහල අක්‍ෂර (Fonts ) ඉංග්‍රීසි මාධ්‍ය සඳහා Arial / Times New Roman Fonts  පමණක් භාවිතා කරන්න. ඔබට අවශ්‍යනම් මෙහි Click කර බාගත කර ගන්න.
  18. ඊ මේල් මඟින් එවන්නේ නම්  panhinda@ayanna.lk යන අපගේ ඊ මේල් ලිපිනය භාවිතා කරන්න. ඒ සමඟ පහත සඳහන් තමන්ට අදාල පෝරමය ද Scan  කර එවීම අනිවාර්ය වේ. (ආකෘතියට අනුව ඔබට සකස් කර ගැනීමටද අවස්ථාව ඇත.)
  19. තැපෑලෙන් එවන විට නිර්මාණ පරිගනක යතුරු ලියනය කොට හැකි තරම් ආරක්‍ෂිතව, හානි නොවන අයුරින් එවීමට වග බලා ගන්න. මෙහිදී ද නිර්මාණය සමඟ අදාළ පෝරමය සම්පූර්ණ කොට එවිය යුතු බව සලකන්න. ඒ සඳහා පහත ලිපිනය භාවිතා කරන්න. තැපෑලේ දී නැතිවන, හානිවන නිර්මාණ පිළිබඳව අප වෙබ් අඩවිය වග කියනු නොලැබේ.
  20. දැනට පවතින හා ඉදිරියේ දී කාලානුරූපව වෙනස් කිරීමකට ලක් වන අපගේ ප්‍රතිපත්ති වලට සම්පුර්ණයෙන් එකඟ විය යුතු අතර මෙහි Click කර එම ප්‍රතිපත්ති දැනගැනීම සඳහා පිවිසෙන්න.
  21. අයදුම්කරුවන් නිර්මාණ ඉදිරිපත් කරන්නේ මෙහි සියළු කොන්දේසි වලට එකඟවීම මත බව පිළිගනු ලැබේ.
  22. බාගත (Download) කර ගැනීමට  පහත තමන්ට අදාළ පෝරමය මත   Click   කරන්න.

 

                          අපේ ලිපිනය / Our Address:  

පන්හිඳ ඉ සඟරාව

අයන්න.lk වෙබ් අඩවිය

විජය සෙවන,   නිකතැන්න,   පන්විල,   20830.

 

Panhinda   e  Magazine

ayanna.lk  Web  Site

Wijaya Sevana,   Nikathenna,  Panwila,   Kandy.  20830.


සැ.යු:    මෙම ලිපිනය තාවකාලිකය.  ඉදිරියේදී මෙම ලිපිනය තැපැල් පෙට්ටි අංකයක් සහිතව භාවිතා කිරීමට අදහස්   කරන බැවින්  නිතර   වෙබ් අඩවියේ පණිවුඩ                  පිළිබඳ විමසිලිමක්  වන්න.

 


SHARE