Alfred Nobel
(1833 AD – 1896 AD )
ඇල්ෆ්‍රඩ් නොබෙල්
( ක්‍රි:ව: 1833 – ක්‍රි:ව: 1896 )
Born / උපත:
21 October 1833 Stockholm, Sweden
1833 ඔක්තෝබර් 21 දින ස්වීඩනයේ ස්ටොක්හෝම් හිදී
Died / අභාවය:
10 December 1896 Sanremo, Italy
1896 දෙසැම්බර් 10 ඉතාලියේ සැන්රිමෝ හිදී.
Nationality / ජාතිකත්වය:
Sweden / ස්වීඩන්
Known for / ප්‍රසිද්ධ කාරණය:
INVENTION OF DYNAMITE, NOBEL PRIZE
ඩයිනමයිට් සොයාගැනීම හා නොබෙල් ත්‍යාගය හඳුන්වා දීම
Alma mater / අධ්‍යාපනය:
Royal Institute of Technology in Stockholm / ස්ටොක්හෝම් හි රාජකීය තාක්ෂණ විද්‍යාලය
Occupation / වෘත්තිය:
Chemist, engineer, innovator / රසායන විද්‍යාඥයෙකු, ඉංජිනේරුවෙකු, නව නිපැයුම්කරුවෙකු ලෙස
පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ විවිධ පර්යේෂණ කල නොබෙල් අධි බලැති පුපුරණ ද්‍රව්‍ය නිර්මාණය කිරීමේ තාක්ෂණය ලොවට හඳුන්වා දුන්නේය. කෙසේ වුවද මේ මඟින් ජීවිත වලට විශාල හානියක් සිදු වන බව ලොව ජනතාව පවසන්නට විය. මෙම සොයා ගැනීම් හේතුවෙන් ඔහුට විශාල ධනස්කන්ධයක් උපයා ගැනීමටත් ආදායම් ලැබීමටත් පටන් ගත් අතර මහා ධනවතෙකු විය.
ඔහුගේ ජීවිත කාලය පුරා ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර 355 ලබා ඇති අතර 90 කට වඩා වැඩි කර්මාන්ත ශාලා පිහිටුවා ඇත.
මෙම ව්‍යාපාර ආදිය බලා ගැනීමට ඔහුගේ සහෝදරයෙකු වන ලැඩ්විග් (Ludvig) වෙත පවරා තිබූ අතර 1888 දී ඔහු මිය ගියේය. මෙම පුවත වැරදීමකින් පුවත් පතක පල වූයේ නොබෙල් මිය ගිය බවය.
එහි සඳහන් වී තිබුනේ ” මරණයේ වෙළෙන්දා මිය ගියේය ” යනුවෙනි. නමුත් එතෙක් ජීවත්ව සිටි නොබෙල් මෙය දුටුවේය. මෙම පුවතින් කනස්සල්ලට පත් ඔහු සිය වත්කමෙන් 94% ක් වෙන් කර නොබෙල් ත්‍යාග ලබා දීම සඳහා සිය අන්තිම කැමති පත්‍රයේ සටහන් කලේය.
ක්‍රි:ව: 1901 පටන් වාර්ෂිකව නොබෙල් ත්‍යාගය පිරිනමනු ලැබේ. මෙසේ ඩයිනමයිට් සොයා ගැනීම සඳහාත් නොබෙල් ත්‍යාග ක්‍රමය ඇති කල නිසාත් ඔහු ලෝක ප්‍රසිද්ධ විය.
-
සාමය
-
සාහිත්‍ය
-
රසායන විද්‍යාව
-
භෞතික විද්‍යාව
-
වෛද්‍ය විද්‍යාව
-
මානව වර්ගයාට කල විශිෂ්ට සේවය
යනුවෙන් අංශ 5 ක් ඔස්සේ වාර්ෂිකව මෙම නොබෙල් ත්‍යාගය පිරිනමනු ලබයි.
The Nobel Prize / නොබෙල් ත්‍යාගය
Official website / නිල වෙබ් අඩවිය :
nobelprize .org
Source / මුලාශ්‍රය : [ Internet ]