Home – Extra Page

Ayanna From Guru Gedara (School)        Our first encounter with Guru Gedara is through Buddhist literature. Our folklore refers to Guru gedara as the Thaksalawa. Its principal was Disapamok. All the students of this school were residential and learnt their studies under the guidance of their teacher and the syllabus was very extensive. It included academic subjects such as Veda/ Vedaanga/ ayurvedaya/ astrology/ history/ language literature as well practical skills such as fencing/ archery.

          IN THE HISTORY, TEMPLE WAS SRI LANKA’S FIRST GURU GEDARA. THEY LEARNT THEIR FIRST LETTERS FROM THE CHIEF INCUMBENT OF THE TEMPLE AND THEN STUDIED ACADEMIC BOOKS SUCH AS NAM POTHA/ MAGUL LAKUNA/ BHUDDA GAJJAYA/ SAKASKADA AND SCIENCES SUCH AS MEDICINE AND ASTROLOGY. PIRIVENA WAS THE MOST PROGRESSIVE STAGE OF THIS EDUCATIONAL SYSTEM. DURING THE REIGN OF KING PARAKRAMABAHU THE GREAT, THESE WERE CALLED AS MOOLA AND EIGHT CATEGORIES OF ELDERLY CLERGY HAD RULED THESE MAIN MOOLAS OR ACADEMIC INSTITUTIONS. DURING THE KANDYAN PERIOD THIS EDUCATIONAL SYSTEM WAS COMPLETELY DETERIORATED AND WITH THE ESTABLISHMENT OF THE NIYAMAKANDA PIRIVEN BY THE REVEREND WELIWITA ASARANA SARANA SARANANKARA THERO THE PIRIVEN EDUCATION REGAINED ITS OPERATION.

          VARIOUS MISSIONARY GROUPS WHO CAME DURING THE EUROPEAN RULING PERIODS ESTABLISHED SCHOOLS CENTERED AROUND THE CHURCH. UNDER THIS SYSTEM A HIGHLY INNOVATED SCHOOL SYSTEM WAS ESTABLISHED IN THE COASTAL AREAS OF SRI LANKA AND A NUMBER OF BUDDHIST SCHOOLS WERE ESTABLISHED IN MAIN CITIES OF THE COUNTRY BY THE PARAMAWINGNARTHA COMPANY WHICH PRESIDED BY SIR HENRY STEEL OLCOT. (EG. ANANDA COLLEGE, NALANDA COLLEGE). AFTER THE ENACTMENT OF THE FREE EDUCATION ACT PRESENTED BY HON. C.W.W KANNANGARA, EDUCATION THAT WAS LIMITED ONLY TO CITIES WAS SPREAD TO VILLAGES AND IT LED TO THE CREATION OF AN EDUCATED GROUP OF STUDENTS FROM ALL THE REGIONS OF THE COUNTRY.

          AT PRESENT GURU GEDARA HAS PROGRESSED INTO A HIGHLY ADVANCED NETWORK OF PRE-CHILDHOOD DEVELOPMENT CENTRES, PRIMARY SCHOOLS, MAHA VIDYALAYAS, CENTRAL COLLEGES. IN ADDITION TO THIS, WITH THE SPREAD OF ADVANCED TECHNOLOGY WITHIN THE COUNTRY, AND THE DEVELOPMENT OF SPACE AND FACILITIES FOR THIS PURPOSE THE SCOPE FOR LEARNING AND TEACHING THROUGH INTERNET BY THE USE OF VARIOUS MEDIUMS IS BEING EXPANDED.


                       ගුරු ගෙදරින් අයන්න 

   ගුරුගෙදර අපට මුලින්ම හඳූනා ගන්නට ලැබෙන්නේ බෞද්ධ සාහිත්‍යයෙනි. අපේ ජාතක කථා සාහිත්‍යයෙහි තක්සලාව නමින් ගුරුගෙදර හැඳින්වේ. එහි ප්‍රධානාචාර්යවරයා දිසාපාමොක් විය. මෙම තක්සලාවේ ශිෂ්‍යයන් සියළු දෙනා නේවාසිකව ගුරුවරයාගේ සෙවනේ අධ්‍යයන කටයුතු හැදෑරූ අතර, මෙහි ඉගැන්වූ විෂය මාලාව ඉතා පුළුල් එකක් වූ බව පෙනේ. වේද, වේදාංග, ආයුර්වේදය, ජ්‍යෝතිෂය, ඉතිහාසය, භාෂා සාහිත්‍යය ආදී ශාස්ත්‍රීය විෂයයන් මෙන්ම, කඩු ශිල්ප, දූණු ශිල්ප ආදී ප්‍රායෝගික ශිල්පද මෙම විෂය මාලාවට අයත් විය.

          අතීතයේ ශ්‍රී ලංකාවේ මුල්ම ගුරුගෙදර වූයේ පන්සලයි. ගමේ පන්සලේ නායක හාමුදූරුවන්ගෙන් අයනු ආයනු කියා, ඉන් අනතුරුව නම් පොත, මඟුල්  ලකුණ, බුද්ධ ගජ්ජය, සකස්කඩය ආදී ශාස්ත්‍රීය පොත් ආදිය ද, වෙදකම හා ජ්‍යෝතිෂය වැනි විද්‍යාවන් ද ඉගෙන ගනු ලැබිනි. මෙම අධ්‍යාපන ක්‍රමයේ දියුණු අවස්ථාව වුයේ පිරිවෙනයි. මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ මේවා මූල නමින් හැඳින්වුණු අතර, වියත්පත් අට ගණයක් විසින් මෙම ප්‍රධාන මූල හෙවත් අධ්‍යාපන ආයතන අට පාලනය කෙරුණි. මහනුවර අවධිය වන විට මෙම අධ්‍යාපන ක්‍රමය මුළුමනින්ම පිරිහී ගිය අතර, වැලිවිට අසරණ සරණ සරණංකර නා හිමියන් විසින් නියමකන්ද පිරිවෙන ආරම්භ කිරිමෙන් පසු පිරිවෙන් අධ්‍යාපනය නැවත පුණර්ජීවනය ලැබීය.
          යුරෝපීය පාලන  යුගයේ දී පැමිණි  විවිධ මිෂනාරී කණ්ඩායම්  ( ධර්මදූත  කණ්ඩායම් )  විසින් පල්ලිය මුල් කොට ගෙන පාසල් ආරම්භ කරන ලදී. මේ යටතේ ඉතා දියුණු පාසල් පද්ධතියක් ශ්‍රී ලංකාවේ මුහුදූ බඩ ප්‍රදේශයේ බිහි වූ අතර, සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කොට්තුමාගේ ප්‍රධානත්වයෙන් පරමවිඥාණාර්ථ සමාගම විසින්, රටේ ප්‍රධාන නගර ගනනාවකම  බෞද්ධ  පාසල්  ආරම්භ  කරන ලදී.  ( උදා:  ආනන්ද – නාලන්ද )  සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද නිදහස් අධ්‍යාපන පනත සම්මත වීමෙන් පසු, එතෙක් නගරයට සීමා වී තිබූ අධ්‍යාපනය ඈත දූෂ්කර ප්‍රදේශ වල ගම්මාන කරාද ව්‍යාප්ත වී, රටේ සියළු  ප්‍රදේශයන්ගෙන් උසස් ශිෂ්‍ය පිරිසක් බිහි විය.

          වර්තමානයේ ගුරුගෙදර.  පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන, ප්‍රාථමික පාසල්, මහා විද්‍යාල, මධ්‍ය මහා විද්‍යාල, ජාත්‍යන්තර පාසල් ලෙස ඉතා දියුණු අධ්‍යාපන මධ්‍යස්ථාන ජාලයක් සේ වර්ධනය වී ඇත. මෙයට  අමතරව දියුණු   තාක්‍ෂණය රට තුළ  ව්‍යාප්ත වීමත්, ඒ සඳහා ඉඩකඩ හා පහසුකම් වර්ධනය වීමත් සමඟ විවිධ මාධ්‍ය භාවිතා කරමින් අන්තර්ජාල සන්නිවේදනය හරහා අධ්‍යාපනය ලබා ගැනීමටත්, ලබා දීමටත් ඇති වපසරිය ද  පුළුල් වෙමින් පවතී.

SHARE