National Tree / ජාතික වෘක්ෂය


National Tree of Sri Lanka / ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය


Na Tree /  නා  ගස 

[ Mesua Ferrea or Mesua Nagaserium / මෙසුආ ෆෙරියා හෝ මෙසුආ නැගාසෙරියුම් ] 

[Botanical Name / උද්භිද විද්‍යාත්මක නම]

 


 

NA FLOWER / නා මල 

 


NA LEAF / නා පත්‍ර 

 


        සමාජීය, ආගමික හා සංස්කෘතික යන කරුණු මුල් කොට ගෙන 1986 පෙබරවාරි 26 වන දින නිල වශෙයන් ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නා ගස නම් කරන ලදී.

        නා ගස මන්දගාමීව වැඩෙන ශාඛයකි. එහි දැව වල ස්වභාවය අනුව මෙම නම ලැබී ඇති බව විශ්වාස කෙරේ. රන් වන් දළු කොළ සහ සුවඳවත් මල් නිසා ද, විශාල ලෙස පුළුල් වූ සුන්දර හරිත හැඩය නිසාද විසිතුරු ලෙස වගා කෙරේ. විශේෂයෙන් ගංගා නිම්න ආශ්‍රිත සදා හරිත වනාන්තර වල මෙය හොඳින් වැඩේ. මෙම ශාඛය දකුණු නේපාලය, බුරුමය, තායිලන්තය, ඉන්දු චීනය, පිලිපීනය, මැලේසියාව හා සුමාත්‍රා, ශ්‍රී ලංකාව, ඉන්දියාව ආදී රට වල බහුල ලෙස දැකිය හැක. ශ්‍රී ලංකාව තුලදී උස මීටර් 1000 දක්වා භුමි කලාපයේ ද , ඉන්දියාවේ නැගෙනහිර හිමාලයේදී හා බටහිර ඝාට්ස් වලදී උස මීටර් 1500 දක්වා කලාප වලද වර්ධනය වේ.

       මෙම ගස මීටර් 2 ක පමණ උසට වැඩෙන අතර යමක ආධාරකයක් සමග නම් මීටර් 30 ක් පමණ උසක් දක්වාද වර්ධනය වේ. මෙහි පත්‍ර 5 CM – 15 CM දක්වා දිගින් ද , පළලින් 1.5 CM- 3.5 CM දක්වා දැකිය හැකිය. මෙහි කොළ දළු  කහ හා රෝස පැහැයෙන් යුත් එල්ලා වැටෙන ස්වභාවයක් ගනී. මෙම ගසෙහි ඇත්තේ ද්විලිංගික පුෂ්පයකි. සුදු මල් පෙති සතරකින් හා තැඹිලි / කහ වර්ණයන්ගෙන් සැදි බීජ රේණු සහිත මධ්‍යයකින් යුත් මලෙහි ප්‍රමාණය 4 CM සිට 7.5 CM දක්වා දැකිය හැක. එය ශාක සාර ඖෂධ හා සුවඳ විලවුන්, රූපලාවන ද්‍රව්‍ය  සහ සබන් සැකසීම සඳහා භාවිතා කරනු  ලැබේ.

          ලංකාව්දී වියලි කලාපය ආශ්‍රිතව පුරාණ  පුජනිය ස්ථාන,  ආරාම, වන ගත උයන් වල බහුලව පිහිටා ඇත. සිගිරිය, කන්ඩලම ,පිදුරංගල, දඹුල්ල, රිටිගල ආදී ස්ථාන වල පුරාණයේ සිට පැවත එන විශාල වෘක්ෂ දැකිය හැක. සුමන, රේවත, සෝභිත, මංගල නම් බුදුවරුන් තම බුද්ධත්වය ලැබීමේදී මෙම ගස උපකාරකයක් සේ භාවිතා  කොට ඇති බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.


SHARE