Privacy / ප්‍රතිපත්ති


අපගේ ප්‍රතිපත්ති / Our Privacy

දැනුම යනු මිළ කල නොහැකි සම්පතකි යන්න පාදක කර ගනිමින් දැයේ දරුවන්ගේ දැනුම වර්ධනය කිරීමෙහි ලා තොරතුරු සම්පාදනය කිරීම, කරුණු එක්රැස් කිරීම, ඒවා නිවැරදි ලෙස දරුවන් අතට පත් කිරීම අපගේ මූළික අපේක්‍ෂාවයි.

ඒ සඳහා වර්ථමානයේ බහුලව භාවිතා වන අන්තර්ජාලය, ජංගම දුරකථන ආදී තාක්‍ෂණික ශිල්පිය ක්‍රම උපයෝගී කර ගැනීමට අප සැලසුම් කොට ඇත. කෙසේ වෙතත් ජංගම දුරකථන භාවිතය වර්ථමානයේ දරුවන්ට භාවිතා කිරීම සඳහා යම් වාරණ තත්වයක් ඇති බැවින් අප යෝජනා කරන්නේ ඒ සඳහා දරුවන්ගේ නිත්‍යානුකූල භාරකරුවන් සතු දුරකථන භාවිතා කිරීමයි. එයින් ද මෙම කරුණු පිළිබඳව දරුවන් අතට භාරකරුවන් මඟින් ලබා දීම නිසා ඔවුන් තුල ද මේ පිළිබඳව විශ්වසනීය තත්වයක් ඇති කර ගත හැකිය.

මෙම වැඩසටහන දිවයිනේ සියළුම පාසල් දරුවන් අතට පත් කිරීම අපගේ උත්සාහය වන අතර පහසුකම් අඩු අර්ධ නාගරික හා ග්‍රාමීය පාසල් සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමට අපේක්‍ෂා කරමු.

මෙම වෙබ් අඩවිය සකස් කිරීමේදී සිංහල භාෂාව මුල් කර ගෙන සකස් කරන අතර සරල ලෙස ඉංග්‍රීසි භාෂාව ද උපයෝගී කර ගනු ලැබේ.

මේ අනුව ප්‍රතිපත්තිමය කරුණු ගනනාවක් හා කොන්දේසි කිහිපයක් මත  අප ආයතනය ක්‍රියා කරනු ඇත.

දරුවන් සඳහා තොරතුරු සම්පාදනය කිරීමේදී,

    • දේශපාලන විෂය ක්‍ෂේත්‍රයට අමතරව, තත්කාලීන දේශපාලන කටයුතු, පිළිබඳ විවරණ නොකරනු ඇත.
    • එමෙන්ම කිසිදු දේශපාලන මතයක්, කණ්ඩායමක්, පුද්ගලයෙක් සම්බන්ධව ප්‍රවර්ධනය කිරීම හෝ නිෂේධනය කිරීම සිදු නොකෙරේ.
    • මත් ද්‍රව්‍ය, දුම් වැටි, මධ්‍යසාර පිළිබඳ ව ප්‍රචලිත වන කරුණු ප්‍රකාශයට පත්  කිරීමට කටයුතු නොකරනු ඇත.
    • එමෙන්ම ජාතිවාදය, ආගම් වාදය, අවුළුවාලන අදහස් / සූදු ඔට්ටු – ක්‍රීඩා වැනි අංගයන් පිළිබඳව කරුණු  භාවිතා කිරීම සිදු නොවේ.
    • පෞද්ගලිකත්වයට හානි සිදුවන ආකාරයේ තොරතුරු, විවිධ ආයතන වල නම්, වෙළඳ ලකුණු, වෙළඳ නාම, කීර්ති නාම, වැනි දේ වලට හානි සිදු වන ආකාරයේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීම  කරනු නොලැබේ.
    • එමෙන්ම රටේ පවතින සාමාන්‍ය නීතිය ට මෙන්ම බුද්ධිමය දේපළ නීතිය ට ද පටහැනිව කටයුතු කිරීමෙන් වැළකී කටයුතු කරනු ඇත.
    • ඔබ හා අප අතර සම්බන්ධවීමට උපයෝගී කර ගන්නා දුරකථන සම්බන්ධතාවයන් වලදී ඒ ඒ ආයතනයන්ගේ නීතිරීති හා කොන්දේසි වලට එකඟවිය යුතුය.
  • එසේම ඉහත සඳහන් කර ඇති කරුණු වලට අමතරව වෙනත් ඕනෑම ආකාරයක සමාජ විරෝධී අදහස් පතුරුවාලන විෂයයන් / කරුණු මේ මඟින් අප විසින් දැඩි ලෙස ස්වයං වාරණයකට යටත් කොට ඇත.
  • එමෙන්ම මෙම කරුණු සම්පාදනය කිරීමේ දී විවිධ විෂය පිළිබඳ දැනුමක් ඇති විශාරදයන් ගේ සහය ලබා ගනු ලැබේ.  ඒ පිළිබඳ මෙහි Click කර දැනගන්න.

තොරතුරු සකස් කර ගන්නා ප්‍රධාන මාතෘකා.

    • ලංකා ඉතිහාසය පිළිබඳ තොරතුරු.
    • ලෝක ඉතිහාසය පිළිබඳ කරුණු.
    • විද්‍යාඥයින් පිළිබඳව.
    • විද්‍යාත්මක සොයා ගැනීම් පිළිබඳව.
    • නව ලොව නව සොයා ගැනීම්.
    • අභ්‍යවකාශ ගවේශණ / සොයාගැනීම් පැරණි හා යාවත්කාලීන වන තොරතුරු.
    • පොත්පත් සහ ලේඛකයින් ගැන.
    • තොරතුරු තාක්‍ෂණයට අදාල කරුණු.
    • සෞඛ්‍ය විද්‍යාත්මක කාරණා පිළිබඳ දැනුවත් කිරීම්.
    • සත්ත්ව ලෝකය, ජෛව විවිධත්වය පිළිබඳ කරුණු.
    • ලෝක ආර්ථිකය හා එහි එදිනෙදා වෙනස් වන ගති ලක්‍ෂණ පිළිබඳ කරුණු.
    • ප්‍රාථමික අධ්‍යාපනයට අවශ්‍යවන්නා වූ අමතර කරුණු.
    • උසස් පෙළ / සාමාන්‍ය පෙළ විෂයන්ට අවශ්‍ය වන කරුණු.
    • සෞන්දර්ය විෂය ‍‍ක්‍ෂේත්‍රයට අදාල තොරතුරු.
    • දේශපාලන විෂය  ක්‍ෂේත්‍රයට අයත් වන්නා වූ කරුණු.
    • භූගෝල විද්‍යාත්මක කරුණු.
    • නාට්‍ය, චිත්‍රපට, ක්‍රීඩා ක්‍ෂේත්‍රයට අදාල දේශීය හා විදේශීය කරුණු.
  • ඉහත අයිතමයන්ට අයත් නොවන නමුත් අධ්‍යාපනික වටිනාකමක් ඇති වෙනත් විවිධ තොරතුරු.

SHARE
×