Scout – Vesak Competition 2021

 


පෝතක බාලදක්‍ෂ වෙසක් සුබපැතුම් පත් තරඟය – 2021

2021  මැයි  24 දින රාත්‍රී 12.00  න්  ලියාපදංචිවීමේ කාලය අවසන් බව කරුණාවෙන් සලකන්න.

ලියාපදිංචි වූ තරගකරුවන් Whatsapp  පණිවුඩ බලන්න. නිර්මාණ ඉදිරිපත් කිරීමේ දිනය හා ක්‍රමය Whatsapp මගින් ඉදිරි දිනවල දී ප්‍රකාශයට පත් කරනු ලැබේ. එතෙක් නිර්මාණ සූදානම් කරන්න.


පොදු කරුණු:

 කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මෙය මාර්ග ගතව (Online ) ලෙස පවත්වනු ලැබේ.

වත්තේගම බාලිකා විද්‍යාලයේ පෝතක බාලදක්‍ෂ ඒකකයේ සාමාජිකයින් වෙත මෙම තරඟය විවෘත වේ.

මෙම තරඟය අයන්න.lk  (ayanna.lk) වෙබ් අඩවිය හා සම්බන්ධව පවත්වනු ඇත.

තරඟ කරුවන් එම වෙබ් අඩවියේ නොමිලේ ලබා දෙන තරඟය සඳහා වූ ලියාපදිංචි අංකය ලබා ගත යුතු අතර, නිර්මාණය ඉදිරිපත් කිරීමේ දී එම අංකය භිවිතා කළ යුතුය.

ලියාපදිංචිවීම සඳහා එක් වරක් පමණක් උත්සාහ කරන්න. යම් ආකාරයකින් දෙවරක් උත්සාහ කළහොත් පළමු වර අනු අංකය පමණක් වලංගු වේ. පහත 1 වන හා 2 වන පියවරයන් උපදෙස් අනුව නිවැරදිව අනුගමනය කරන්න.

තරග ගාස්තුවක් අයකරනු නොලැබේ.

සියළුම උපදෙස් Whatsapp මඟින් දැනුම් දෙනු ලැබේ.

විස්තර හොඳින් කියවන්න. ඒ සඳහා මෙහි පහත ඇති  පෝරමය භාවිතා කරන්න.

 

තරඟ කොන්දේසි:

  1. වත්තේගම බාලිකා විද්‍යාලයේ පෝතක බාලදක්‍ෂ සාමාජිකයෙකු විය යුතුය.

  2. එක් අයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.

  3. A4 කඩදාසියක හරස් අතට නිර්මාණය කළ යුතුය.

  4. පැස්ටල් / දියසායම්/ තෙල් සායම් හෝ වෙනත් ඕනෑම මාධ්‍යයක් භාවිතා කල හැකිය.

  5. වෙසක් උත්සවය හෝ බෞද්ධ සංස්කෘතිය විදහා පාන තේමාවක් යටතේ සකස් කළ යුතුය.

  6. නිර්මාණය සඳහා සුදුසු කෙටි නමක් ඔබ විසින්ම යෙදිය යුතුය.

  7. ඔබේ ස්ව නිර්මාණ විය යුතුය. අන්තර්ජාලයෙන් හෝ වෙනත් මූලාශ්‍රයකින් උපුටා ගත් ඒවා නොවිය යුතු අතර, එසේ ඔප්පු වුවහොත් කොන්දේසි විරහිතව තරඟයෙන් ඉවත් කරනු ලැබේ.

  8. 2021 මැයි මස 31 වන දිනට පෙර ඔබ වෙත පසුව ලබා දෙන ක්‍රමය භාවිතා කොට නිර්මාණ එවිය යුතුය. (මෙම දිනය මැයි මස 24 දින රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කොට ඇත.නැවත දීර්ඝ කරනු නොලැබේ.)

  9. නිර්මාණය නොසෙල්වුණු, බොඳ නොවූ, ඇද නොවූ, හොඳින් ආලෝකය ලබා දුන් ඉතා පැහැදිළි රූපයක් විය යුතුය. එසේ නොවුවහොත් ජයග්‍රාහකයින් තේරීමේ දී ඔබට ම  අවාසියක් විය හැකිය.

  10. ඒවා Scan කර හෝ දුරකථනයෙන් රූ ගත කර එවන jpeg ලෙස සකස් වූ නිර්මාණ බාර ගනු ලැබේ.

  11. අනිවාර්යයෙන් අප විසින් ලබා දෙන අනු අංකය නිර්මාණය එවීමේ දී සඳහන් කරන්න.

  12. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.

  13. ඔබ තරගයට ඉදිරිපත්වීම කොන්දේසි වලට එකඟ බවට පිළිගැනීමක් සේ සලකනු ලැබේ.

ත්‍යාග:

  1. පළමු, දෙවන හා තෙවන ලෙස ප්‍රධාන ත්‍යාග හා සහතික 03 කි.

  2. 4 වන ස්ථානයේ සිට 15 වන ස්ථානය දක්වා කුසලතා සහතික පිරිණමනු ලැබේ.

  3. සහභාගී වන ඉතිරි සියළු තරඟ කරුවන්ට සහභාගීත්ව සහතිකයක් හිමිවේ.

SHARE